අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 501ක් සන්තකයේ තබාගෙන සිටි මෙම සැකකරුවන් අද (22) අලුයම මාදම්පිටිය, සත්හිරු සෙවණ මහල් නිවාසය අසල නවතා තිබූ ත්‍රීරෝද රථයක් පරීක්ෂා කිරීමේදී හසුවී ඇත.
24 සහ 29 වයසැති වැල්ලම්පිටිය හා කොළඹ ප්‍රදේශවල පදිංචිකරුවන් වන මෙම පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුවෙකු සන්තකයේ තිබූ බෑගයකින් අයිස් මත්ද්‍රව්‍ය, විද්‍යුත් තරාදියක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැක කෙරෙන රුපියල් 18,000ක මුදලක්ද සොයාගෙන ඇත.
එමෙන්ම, අනෙක් සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 201ක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මාදම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

