ව්‍යසනයෙන් පසු ජන ජීවිතය සහ රට යළි ගොඩනැගීම සඳහා ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ස්ථාපිත කර ඇති වැඩපිළිවෙළ ප්‍රශංසනීය බවත්, එයට ආශිර්වාද පළ කරන බවත් මල්වතු හා අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි හිමිවරු පැවසීය.
ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි රාජකීය පණ්ඩිත දර්ශනපති පූජ්‍ය මහවෙල රතනපාල නායක ස්වාමීන් වහන්සේ, අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි සහ ඓතිහාසික බදුලු මුතියංගණ රාජමහා විහාරයේ භාරකාර ආචාර්ය පූජ්‍ය මුරුද්දෙණියේ ශ්‍රී ධම්මරතන නායක හිමිපාණන් වහන්සේ, සහ මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා (11) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථාවේදී මේ බව සඳහන් කළහ.
මෙහිදී මහනුවර දිස්ත්‍රික්කයේ ආපදා නිසා පීඩාවට පත් ජනතාව සඳහා සැලසෙන සහන සහ යළි පදිංචි කිරීමේ කටයුතු පිළිබඳ සවිස්තර සාකච්ඡාවක් ද පැවැත්වීය.
ජනතාව යළි පදිංචි කිරීමේ වැඩපිළිවෙළට ශ්‍රී දළදා මාළිගාවෙන් ලබා දිය හැකි දායකත්වය පිළිබඳ දියවඩන නිලමේවරයා ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කළේය.
ඒ අනුව, ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව විසින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට කෝටි පහක මූල්‍ය පරිත්‍යාගයක්ද මෙම අවස්ථාවේදී පිරිනමන ලදී.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද මෙම අවස්ථාවට සහභාගිය වූහ.

