Sunday, January 25, 2026
Homeසියලුම පුවත්ආණ්ඩුවේ මන්ත්‍රීට එංගලන්තයෙන් වීසා නෑ. විපක්ෂයේ චතුරට විසා ලැබෙයි.

ආණ්ඩුවේ මන්ත්‍රීට එංගලන්තයෙන් වීසා නෑ. විපක්ෂයේ චතුරට විසා ලැබෙයි.

එක්සත් රාජධානියේ පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංසදය විසින් සංවිධානය කරන ලද “කෘතීම බුද්ධිය පිළිබදව ආරක්ෂන වැඩමුළුව” සදහා ශ්‍රී ලංකාව ඇතුළු තවත් පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් රැසක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් සදහා ආරාධනා කර තිබුනි. වෙස්මිනිස්ටර් ක්‍රමයේ මූලාරම්භය වන බ්‍රිතාන්‍යයේ වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තුව තුල ජනවාරි 27 වනදා සිට පුරා තෙදිනක් පැවැත්වෙන මෙම වැඩසටහන සදහා ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට අවස්ථාව ලබා දී තිබුනි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් ලංකාවට ලැබුනු අවස්ථාවන් දෙක ආණ්ඩු පක්ෂයට හා විපක්ෂයට සමව ලබා දී තිබූ අතර විපක්ෂයේ අවස්ථාව පරිගණක ඉංජිනේරුවෙකු වන මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර ගලප්පත්ති වෙතත් ආණ්ඩු පක්ෂයේ අවස්ථාව නුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු වෙතත් ලබාදී තිබුනි. මෙම වැඩසටහන ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ලැබෙන මහගු අවස්ථාවක් වන අතර ගමන් වියදම් ඇතුළු වැඩසටහන සදහා වන සම්පූර්ණ වියදම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව මගින් දරණු ලබයි.

කෙසේ වෙතත් ආණ්ඩු පක්ෂය මගින් සුදුසුකම් ලත් මන්ත්‍රීවරයෙකු ඉදිරිපත් නොකිරීම හේතුවෙන් හෝ නිසි පරිදි වීසා අයදුම්පත ඉදිරිපත් නොකිරීම හේතුවෙන් ජාජබ මන්ත්‍රීවරයාට විසා ලබාදීමට බ්‍රිතාන්‍ය රජය කටයුතු කර නොතිබිණි. බ්‍රිතාන්‍යය විසින්ම කරන ලද ආරාධනාවක් අනුව රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් හිමි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට බ්‍රිතාන්‍යය විසින්ම වීසා ලබා නොදීම කණගාටුදායක සිදුවීමක් වන අතර එමගින් ශ්‍රී ලංකාවේ තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ලබා ගැනීමට තිබූ වටිනා අවස්ථාවක් අහිමිව ගොස් තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments