2025/2026 තක්සේරු වර්ෂයට අදාළ ආදායම් බදු වාර්තා නොවැම්බර් 30 වැනිදාට පෙර ඉදිරිපත් කරන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු ගෙවන්නන්ට දැනුම් දෙයි.නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ නියමිත කාලසීමාව තුළ බදු වාර්තා ඉදිරිපත් කිරීමෙන් අවසන් මොහොතේ ඇතිවිය හැකි අපහසුතා වළක්වාගත හැකි බවයි.අදාළ තක්සේරු වර්ෂයට අදාළ ආදායම් බදු වාර්තා මාර්ගගත ක්රමය ඔස්සේ ඉදිරිපත් කිරීමේ පහසුකම ද සලසා තිබේ.බදු වාර්තා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු හෝ පැහැදිලි කිරීම් අවශ්ය නම් 1944 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ විමසිය හැකි බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.එමෙන්ම, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.ird.gov.lk වෙත පිවිසීමෙන් ද වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.

