මෑත කාලයේ තද සුළං සහ ගංවතුරෙන් ඇතිවූ ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් වූ පුද්ගලයන් සහ ව්‍යාපාර සඳහා සහන සලසන බවට ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කර ඇත.
මේ අනුව, ආදායමට හෝ ව්‍යාපාරයට සෘජු බලපෑම් සටහන් වූ ණය ගනුදෙනුකරුවන්ට සහන ලබාදීමේ අරමුණින් 2025.12.05 දිනැති 2025 අංක 04 චක්‍රලේඛය බලපත්‍රලාභී බැංකු වෙත එව තිබේ.
සහන ලබාගැනීමට අවශ්‍ය අයදුම් 2026.01.15 දිනට පෙර ලිඛිතව හෝ විද්‍යුත් මාර්ගයෙන් අදාළ බැංකුවට ඉදිරිපත් කළ යුතුය. ලබාදෙන සහන:
• තාවකාලික ණය සහන
• බලපෑම් ලැබූ ව්‍යාපාරයන්ට නව ණය පහසුකම්
• ප්‍රමාද ගාස්තු සහ දඩ පොලී අය කිරීම 2026.01.31 දක්වා අත්හිටුවීම
• ණය සැකැස්ම් සඳහා විශේෂ සැලසුම් ඉදිරිපත් කිරීම
එම සහන සඳහා අයදුම් ප්‍රතික්ෂේප කරන්නේ නම්, එම හේතුව ලිඛිතව ණය ගනුදෙනුකරුවාට දැනුම්දීමට බැංකුව බದධ වෙයි. ප්‍රතික්ෂේපය පිළිබඳව අයදුම්කරුට ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව වෙත අභියාචනයක් ඉදිරිපත් කළ හැකිය.
තවද, නව ණය අයදුම්පත් සම්පූර්ණයෙන්ම අසතුටුදායක ණය තොරතුරු වාර්තා මත පමණක් ප්‍රතික්ෂේප නොකළ යුතු බව මහ බැංකුව බලපත්‍රලාභී බැංකු වෙත උපදෙස් දී ඇත.

