ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහළ යාම සහ බදු සංශෝධන හේතුවෙන් ඉදිරියේදී වාහන මිල ගණන් ඉහළ යා හැකි බව ශ්රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
සංගමයේ සභාපති ප්රසාද් මානගේ මහතා සඳහන් කළේ, මැයි මාසයේ සිට සමාජ ආරක්ෂණ බද්ද ඉහළ දැමීමද වාහන මිල වැඩිවීමට බලපාන ප්රධාන කරුණක් බවයි.
ඒ අනුව, ඉදිරි කාලයේදී වාහන වෙළෙඳපොළ තුළ මිල ගණන්වල වෙනසක් දැකිය හැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ඉදිරියේදී වාහන මිල ඉහළ යාමේ ඉඟි

