ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ අප්‍රේල් මාසයේ නිල දරිද්‍රතා රේඛාව අනුව, එක් පුද්ගලයෙකුගේ මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා මාසිකව අවශ්‍ය අවම වියදම රුපියල් 17,117ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එය මාර්තු මාසයට සාපේක්ෂව රුපියල් 427ක වැඩිවීමක් වන අතර, මාර්තු මාසයේ එම අගය රුපියල් 16,690ක් ලෙස සටහන් වී තිබුණි.
දිස්ත්‍රික් මට්ටමින් ඉහළම දරිද්‍රතා රේඛාව කොළඹින් (රු. 18,461) වාර්තා වී ඇති අතර, අවම අගය මොනරාගල දිස්ත්‍රික්කයෙන් (රු. 16,367) වාර්තා වී ඇත.
එක් පුද්ගලයෙකුගේ මාසික අවම වියදම රු. 17,117 දක්වා ඉහළට

