Sunday, January 25, 2026
Homeදේශීයකටුනායකදී තුර්කි ගුවන් යානයක් අනතුරක

කටුනායකදී තුර්කි ගුවන් යානයක් අනතුරක

කටුනායක ගුවන් තොටුපොළේ දී තුර්කි ගුවන් සේවාවට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අනතුරට පත්ව තිබේ.

එම යානයට පැටවීම සඳහා ගෙනැවිත් තිබූ බහාලුමක් යානයේ එන්ජිමක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

ඒ හේතුවෙන් එය යථා තත්ත්වයට පත් කර ගන්නා තෙක් ආපසු යාම ප‍්‍රමාද කර ඇත.

තුර්කියේ සිට මෙරටට භාණ්ඩ තොගයක් රැගෙන ආ එම යානාව මෙරට සිට ඇඟලුම් තොගයක් රැගෙන නැවතත් තුර්කිය බලා පිටත්ව යාමට සැලසුම් කර තිබිණි.

RELATED ARTICLES

Most Popular

Recent Comments