කළුතර මහ නගර සභාවට සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයෙකු ඉලක්ක කරගනිමින් සිදු කළ වෙඩි ප්‍රහාරයක් ඊයේ (07) රාත්‍රී ව්‍යර්ථ වී ඇත.
මෙම වෙඩි තැබීමෙන් කිසිදු පුද්ගලයෙකුට හානි සිදුව නොමැති බව පොලීසිය පවසයි. වෙඩි ප්‍රහාරයට ලක්වීමට නියමිතව තිබුණේ සජබ අපේක්ෂක බන්දුල ප්‍රසන්න මහතාය.
සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂාවලදී, පිස්තෝලයකට යොදන ජීව උණ්ඩයක් සහ ජංගම දුරකථනයක් එම ස්ථානයෙන් සොයාගෙන ඇති අතර, පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

