Sunday, November 16, 2025
Homeදේශීයකුඩා ගිනිඅවියක් සමග ව්‍යාපාරිකයෙකු මීගමුවේ අත්අඩංගුවට

කුඩා ගිනිඅවියක් සමග ව්‍යාපාරිකයෙකු මීගමුවේ අත්අඩංගුවට

මීගමුව කුරන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු අඟල් 6ක් පමණ දිගැති විදෙස් නිෂ්පාදිත කුඩා ගිනිඅවියක් සමග අත්අඩංගුවට ගොස් ඇත.

පොලීසිය සඳහන් කලේ, සොයාගත් ගිනිඅවිය බෙල්ජියම් හි නිෂ්පාදිත Browning වර්ගයේ  පිස්තෝලයක් බවයි.

කටයුතු සිදුකරනු ලැබුවේ කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයට ලද තොරතුරකට අනුවයි. ඒ අනුව, සැකකරුගේ නිවස වටලා සිදු කළ සෙවීමේදී ඔහුගේ කාමරයක සූක්ෂම ලෙස සඟවා තිබූ ගිනිඅවිය සොයාගෙන ඇත.

ප්‍රශ්න කිරීමේදී සැකකරු පවසා ඇත්තේ, මෙම ගිනිඅවිය මියගිය තම පියාගෙන් ලැබුණු දේයක් බවයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 44 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

RELATED ARTICLES

Most Popular

Recent Comments