කුඩා තේ වතු හිමියන් සඳහා අතිරේක පොහොර සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇති බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.
ඒ සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන භාණ්ඩාගාරයෙන් වෙන්කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
පොහොර හිඟයක් නොමැති නමුත් ජාත්‍යන්තර තත්ත්වයන් හේතුවෙන් ඉදිරියේදී පොහොර මිල ඉහළ යා හැකි බැවින්, ගොවීන්ට ඇතිවන පීඩනය අවම කිරීම සඳහා මෙම සහනාධාරය ලබාදීමට පියවර ගෙන තිබේ.
කුඩා තේ වතු හිමියන්ට අමතර පොහොර සහනාධාරයක්

