Sunday, June 8, 2025
Homeසියලුම පුවත්කුලියාපිටියේ වෙඩිතැබීමක්

කුලියාපිටියේ වෙඩිතැබීමක්

කුලියාපිටිය පොලිස් වසමේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා කුලියාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

ඊයේ (03) සවස් කාලයේ මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.

කුලියාපිටිය පොලිස් වසමේ පිටදෙණිය ප්‍රදේශයේදී තෝරපිටිය වත්තේ අනවසරයෙන් පොල් කැඩීම සඳහා ඇතුළු වීම හේතුවෙන් ඉහත පුද්ගලයාට එහි මුරකරු විසින් එම වෙඩිතැබීම සිදුකර ඇත.

එම වෙඩිතැබීම සිදුකළ වයස අවුරුදු 41ක් වන මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචි සැකකරු වෙඩිතැබීම සඳහා භාවිතා කළ බෝර 12 පතොරම් තුවක්කුවක්ද සමඟ කුලියාපිටිය පොලිස් ස්ථානය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගිනිඅවිය සඳහා 2025 වර්ෂයට බලපත්‍ර නිකුත් කර ඇති බවට අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments