Monday, January 26, 2026
Homeදේශීයකෙහෙලියගේ සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ වත්කම්වලට අදාළ මුල් ලේඛනවල සහතික පිටපත් ඔවුන්...

කෙහෙලියගේ සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ වත්කම්වලට අදාළ මුල් ලේඛනවල සහතික පිටපත් ඔවුන් වෙත ලබා දෙන්නැයි නියෝග

කෙහෙලියගේ සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ වත්කම්වලට අදාළ මුල් ලේඛනවල සහතික පිටපත් ඔවුන් වෙත ලබා දෙන්නැයි නියෝග

අල්ලස් කොමිසම විසින් තහනමට ගෙන තිබෙන හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ වත්කම්වලට අදාල මුල් ලේඛන වල සහතික පිටපත් ඔවුන් වෙත ලබා දෙන ලෙස කොළඹ මහාධිකරණය අද නියෝග කළා.

අල්ලස් කොමිසම විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාලව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ බැංකු ගිණුම්, ජීවිත රක්ෂණ ඔප්පු යනාදිය තහනමට ගැනීමට කොළඹ මහාධිකරණය මීට පෙර නියෝග නිකුත් කර තිබුණා.

මීට අදාළව අද දින කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පවුලේ සාමාජිකයින් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණ හමුවේ ඉල්ලීමක් කරමින් අධිකරණ නියෝග මත තහනමට ගෙන තිබෙන සිය සේවා දායකයින්ට අයත් දේපල වලට අදාළ මුල් ලේඛනබල සහතික පිටපත් තමන් වෙත ලබා දෙන ලෙස ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ එම මුල් ලේඛනවල සහතික පිටපත් ඉල්ලුම්කරුවන්ට ලබා දෙන ලෙස නියෝග කළා.

අල්ලස් කොමිසම විසින් සිදුකළ විමර්ශනවලට අදාළව කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට අයත් රුපියල් මිලියන 97කට අධික වත්කම් සහිත බැංකු ගිණුම් හා ජීවිත රක්ෂණ ඔප්පු තහනම් කරමින් කොළඹ මහාධිකරණය විසින් මීට පෙර නියෝග නිකුත් කර තිබුණා.

RELATED ARTICLES

Most Popular

Recent Comments