Thursday, November 13, 2025
Homeදේශීයකොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥ ආරවුලක්, එක් අයෙකු රෝහලේ

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥ ආරවුලක්, එක් අයෙකු රෝහලේ

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥ කාමරේදී පුටුවක් සඳහා ඇති වූ ආරවුලක් දුරදිග යෑමෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් දෙදෙනකු විසින් නවක නීතිඥවරයකුට පහර දී රෝහල්ගත කිරීමේ පුවතක් අධිකරණයෙන් වාර්තා වේ.

සිය සේවාදායකයන් හමු වන මෙම නිල නීතිඥ කාමරයේ අසුනක වාඩි වී සිටි නවක නීතිඥවරයා ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් දෙදෙනාගෙන් “ඇයි අයියා අවුලක්ද? මොනවද කෙරෙන්න ඕනැ?” යනුවෙන් ප්‍රශ්න කර ඇති අතර, එකී ප්‍රශ්න කිරීම දුරදිග යෑමෙන් මේ පහරදීම සිදු වී ඇති බවට කෙසෙල්වත්ත පොලිසිය පවසයි.

සිද්ධිය සිදු වූ ඊයේ (25) උදෑසන මෙම නීතිඥ කාමරය තුළ බරපතළ ලෙස ගුටි කෙළියක් ඇති වූ බවට කරුණු වාර්තා වේ.

පසුව දෙපාර්ශ්වයම කෙසෙල්වත්ත පොලිසියට ගොස් එකිනෙකාට විරුද්ධව පැමිණිලි ඉදිරිපත් කර ඇත. මීට පෙරද මෙවැනි නීතිඥ පහරදීම් අධිකරණය තුළ වාර්තා වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments