නාවලපිටිය මාපාකන්ද ප්‍රදේශයේ සිට නාවලපිටිය දෙසට ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් මතට ප්‍රධාන මාර්ග අසල තිබූ විශාල ගසක් කඩා වැටීමෙන් පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අද (04) උදෑසන 6.45ට පමණ සිදුවූ මෙම අනතුරින් පාසල් සිසුවෙකු, ඔහුගේ මව සහ තවත් කාන්තාවක් මියගොස් ඇති බව පොලීසිය පවසයි.
අනතුරෙන් ත්‍රීරෝද රථ රියදුරු දිවි බේරාගෙන ඇති අතර, පසුව පොලීසිය හා ප්‍රදේශවාසීන් එක්ව ගස ඉවත් කර මළ සිරුරු නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට රැගෙන ගොස් තිබේ.
ප්‍රදේශවාසීන් පවසන්නේ කාලයක් තිස්සේ දිරාපත් වී තිබූ යූකැලිප්ටස් ගස ඉවත් කරන ලෙස දැනුම් දී තිබුණද, එයට නිසි ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
ගසක් කඩා වැටීමෙන් පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙකු මරුට

