Sunday, January 25, 2026
Homeසියලුම පුවත්ගොවීන්ට වන්දි ලබාදීම අද සිට

ගොවීන්ට වන්දි ලබාදීම අද සිට

ගොවීන්ට වන්දි ලබාදීම අද සිට

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ ඇති වූ ගංවතුරෙන් වගා හානියට පත් ගොවි ජනතාව සඳහා වන්දි ලබාදීම අද (30) සිට ආරම්භ කරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

පොළොන්නරුව, මුලතිව්, වව්නියාව, ත්‍රීකුණාමලය යන දිස්ත්‍රික්කවලින් එම වන්දි ලබාදීම ආරම්භ කරන බව එහි සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා පැවසුවේය.

ඒ අනුව වගා හානී සිදුවූ ගොවීන්ගේ ගිණුම්වලට අදාළ මුදල් බැර කිරීමට පියවර ගන්නා බව ඔහු සඳහන් කළේ.

එමෙන්ම අක්කර 13 379ක් සඳහා අද මෙම ගෙවීම් සිදු කරන බව සඳහන් වේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ අද දිනයේ මෙම වන්දි ගෙවීම් සිදුකරන්නේ වී ගොවීන් සඳහා පමණක් බවය

RELATED ARTICLES

Most Popular

Recent Comments