Monday, February 24, 2025
Homeසියලුම පුවත්ඡන්දය කට මුල තියා රනිල් කප්පම් විදිහට මන්ත්‍රීවරුන්ට බෙදපු බාර් ලයිසන්වලට එරෙහිව...

ඡන්දය කට මුල තියා රනිල් කප්පම් විදිහට මන්ත්‍රීවරුන්ට බෙදපු බාර් ලයිසන්වලට එරෙහිව බාර් ලයිසන් තියෙන ව්‍යාපාරිකයන් දෙන්නෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට යයි!

ඡන්දය කට මුල තියා රනිල් කප්පම් විදිහට මන්ත්‍රීවරුන්ට බෙදපු බාර් ලයිසන්වලට එරෙහිව බාර් ලයිසන් තියෙන ව්‍යාපාරිකයන් දෙන්නෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට යයි!

ජනාධිපතිවරණය ඉකුත් වසරේ ප්‍රකාශයට පත් කළ දින සිට ජනාධිපතිවරණය පැවැත්වූ දිනය තෙක් නීතියට පටහැණි ලෙස විනිවිදභාවයකින් තොරව මත්පැන් අලෙවි බලපත්‍ර නිකුත් කර ඇති බැවින් එම බලපත්‍ර අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු මුදල් ඇමැති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

මත්පැන් අලෙවි බලපත්‍ර හිමිකරුවන් දෙදෙනෙකු වන මාතලේ ප්‍රදේශයේ පදිංචි තංගවේලු ධර්මේන්ද්‍ර රාජා සහ බුත්පිටිය ප්‍රදේශයේ පදිංචි ප්‍රසාද් දිනූක ප්‍රියදර්ශන විසින් මේ පෙත්සම් ඉදිරිපත් කර තිබේ.

හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි, හිටපු මුදල් ඇමැති රනිල් වික්‍රමසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, අල්ලස් කොමිසමේ සාමාජිකයන්, මැතිවරණ කොමිසමේ සාමාජිකයන්, අමාත්‍යවරුන් වන වසන්ත සමරසිංහ සහ බිමල් රත්නායක, සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු පිරිසක් එහි වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments