පසුගිය කාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් වැරදි තොරතුරු ඉදිරිපත් කරමින් ජනාධිපති අරමුදලින් මුදල් ලබා ගැනීමේ සිද්ධින් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.
ලැබුණු තොරතුරකට අනුව මෙම විමර්ශන ආරම්භ කර තිබෙන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය අධිකරණයට සඳහන් කර ඇත්තේ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාතිලක, මෙම කරුණු සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා, එහි ප්‍රගතිය ඉදිරියේදී අධිකරණයට වාර්තා කරන ලෙසට නියෝග කර තිබෙනවා.
එසේම විමර්ශනවලට අවශ්‍ය ඉදිරි නියෝග වේ නම්, ඒවා අධිකරණය වෙතින් ලබා ගැනීමට කටයුතු කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය විසින් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාශයට දැනුම් දී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.