ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජිකයෙකු මෙන්ම ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකු වූ ලාල් විජේනායක මහතාගේ අවසන් කටයුතු අද (02) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.
ඒ අනුව මහයියාව පොදු ආදාහනාගාරයේදී ඒ මහතාගේ අවසන් කටයුතු සිදුකිරීමට සැලසුම් කර ඇත.
ලාල් විජේනායක මහතා පසුගිය ඔක්තෝබර් 31 වැනිදා පස්වරුවේ අභාවප්‍රාප්ත වූ අතර, මියයන විට ඔහු 85 වැනි වියේ පසුවිය.
ඔහුගේ අභාවයත් සමඟ නීති ක්ෂේත්රයට සහ දේශපාලන ක්ෂේත්රයට සම්බන්ධ පිරිස් අතර ශෝකය පළවී තිබේ.

