Sunday, June 8, 2025
Homeදේශීයජෙරම්ගේ විදෙස් ගමන් තහනම සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට අධිකරණයෙන් නියෝග

ජෙරම්ගේ විදෙස් ගමන් තහනම සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට අධිකරණයෙන් නියෝග

දේවගැති ජෙරම් ප්‍රනාන්දුට පවරා ඇති විදෙස් ගමන් තහනම සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර නියෝගකර තිබෙනවා.

ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල පසුගියදා සිදු කළ ඉල්ලීම සලකා බලා එහි නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය සිදු කළා.

ජාතින් අතර ආගමික වෛරය පතුරවමින් දේශන සිදු කළ බවට අත්අඩංගුවට ගත් දේවගැතිවරයාට මෙසේ විදේශ ගමන් තහනමක් පනවනු ලැබුවා.

ඔහුට විදේශ ආගමික වැඩසටහන්වලට සහභාගී වීමට වීසා අයදුම් කිරීමට විදේශ ගමන් තහනම ගැටලුවක් බව කියමින් එය ඉවත් කරන ලෙස අධිකරණයෙන් නීතිඥ මඩුල්ල ඉල්ලා සිටි අතර නීතිපති උපදෙස් සදහා නඩුව කල් තැබුණු බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන්කර සිටියේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments