Homeසියලුම පුවත්ඩොලර් මිලියන 2.5 සිද්ධියට සම්බන්ධ නිලධාරියෙකු අබිරහස් ලෙස මරුට

ඩොලර් මිලියන 2.5 සිද්ධියට සම්බන්ධ නිලධාරියෙකු අබිරහස් ලෙස මරුට

මුදල් අමාත්‍යාංශයට අයත් ඇමරිකානු ඩොලර් මිලියන 2.5 අස්ථානගතවීමේ සිද්ධියට සම්බන්ධව වැඩ තහනමට ලක්ව සිටි නිලධාරීන් අතරින්, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයෙකු වූ රංග රාජපක්ෂ මහතා අබිරහස් ලෙස මියගොස් ඇති බව වාර්තා වෙයි.
ඔහුගේ මළසිරුර කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස තුළින් සොයාගෙන ඇති අතර, පවුලේ ඥාතීන් විසින් ඒ පිළිබඳ පොලීසියට දැනුම් දී තිබේ.
මේ වනවිට කුලියාපිටිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශන ආරම්භ කර ඇති අතර, මරණයට හේතුව පිළිබඳව තවමත් නිශ්චිත තොරතුරු අනාවරණය වී නොමැත.
මෙය ඝාතනයක්ද, සියදිවි හානියක්ද, හෝ අනතුරක්ද යන්න පිළිබඳව විමර්ශන තවදුරටත් සිදුකෙරේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments