අද (25) දිනයේ දිවයිනේ ඉහළම උෂ්ණත්වය ලෙස සෙල්සියස් අංශක 39.9ක් ත්‍රිකුණාමලය කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දෙවැනියට වැඩිම උෂ්ණත්වය පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර, එය සෙල්සියස් අංශක 38.6ක් ලෙස සටහන් වී තිබේ.
මීට අමතරව මුලතිව් (37.5), මොනරාගල (37.3) සහ වවුනියාව (37.1) යන දිස්ත්‍රික්කවලද සෙල්සියස් අංශක 37ට වැඩි උෂ්ණත්ව අගයන් වාර්තා වී ඇති බව දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
අද දහවල් කාලයේදී දිවයින පුරා පිහිටි කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථානවලින් ලබාගත් දත්ත අනුව මෙම උෂ්ණත්ව වාර්තා නිකුත් කර තිබේ.
ත්‍රිකුණාමලයෙන් අද වැඩිම උෂ්ණත්වය වාර්තා වෙයි

