Friday, January 23, 2026
Homeදේශීයදුම්රිය වර්ජකයෝ ඉංජිනේරු සිසුවා බිලි ගනිති

දුම්රිය වර්ජකයෝ ඉංජිනේරු සිසුවා බිලි ගනිති

මහනුවර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියේ වහලය මත සිටි තරුණයෙක් හොරපේ දුම්රිය ස්ථානය අසලදී අනතුරකින් අද (12) පෙරවරුවේ මරණයට පත්ව තිබේ.

මියගොස් ඇත්තේ ඩබ්. ඩී .ඩී අයි පෙර්රා නැමැති 18 හැවිරිදි සිසුවෙක් බව අනාරණය වී තිබේ.

ඔහු ගම්පහ මොරගොඩ ප්‍රදේශයේ අයෙකි. මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුවෙකු බවත් තහවුරු නොවු තොරතුරු අනාරණය වී ඇතැයි පොලීසිය කියයි.

එම තරුණයා  දුම්රිය වහලය මත සිටියදී ගසක හෝ වයරයක වැටෙන්නට ඇතැයි අනුමාන කරන බවත් මරණය පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කිරීමට නියමිත බවත් දුම්රිය දෙපාර්තමේන්තුව උසස් නිලධාරියෙක් පැවැසීය. දුම්රිය රියදුරන් අද ආරම්භ කළ වැඩ වර්ජන හේතුවෙන් දුම්රිය ධාවනය සීමා වීමෙන් ජනතාව මෙසේ අනතුරුදායක ලෙස දුම්රිය භාවිතා කරන බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය. 

RELATED ARTICLES

Most Popular

Recent Comments