Sunday, January 25, 2026
Homeදේශීයනියඟය ඇතිවීමටත් පෙර ඩොලර් මිලියන 211ක එළවළු ගෙනත්

නියඟය ඇතිවීමටත් පෙර ඩොලර් මිලියන 211ක එළවළු ගෙනත්

මෙරටට භාණ්ඩ ආනයනය තහනම් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව ගෙනගිය ක්‍රියාමාර්ගය තුළ සහ පවතින නියඟය ඇතිවීමටත් පෙර ඩොලර් මිලියන 211.1ක එළවළු ආනයනය කර ඇති බව මහ බැංකුවේ නවතම නිවේදනයකින් හෙලි වේ.

මෙම වසරේ ජනවාරි සිට ජූලි අවසානය දක්වා මෙම ආනයනයන් සිදු කර ඇති අතර පසුගිය 2022 වසරේ එම කාලසීමව තුළ අදාල ආනයන සඳහා වැය කර තිබෙන්නේ ඩොලර් මිලියන 193.3ක්ය. එයින් පැහැදිලි වන්නේ මෙවසරේ එළවළු ආනයනය සඳහා පසුගිය වසරටත් වඩා විදේශ විනිමය වැය කර ඇති බවය.

එළවළු යනුවෙන් හඳුන්වන කාණ්ඩයට බී ළූණු, අර්තාපල් සහ අනිකුත් එළවළු වර්ග ඇතුළත් බව එම නිවේදනයේ දක්වා ඇත

RELATED ARTICLES

Most Popular

Recent Comments