Monday, February 24, 2025
Homeදේශපාලනපළමු අයවැයෙන් සියල්ල කරන්න බෑ - ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමති

පළමු අයවැයෙන් සියල්ල කරන්න බෑ – ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමති

පළමු අයවැයෙන් සියල්ල කරන්න බෑ – ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමති

අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා බදු සහන ලබාදීම සිය රජයේ ප්‍රතිපත්තිය වුව ද මෙවර අයවැය ඉදිරිපත් කිරීමේ දී ඒ සඳහා යම් යම් සීමා පැවති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත මහතා පවසයි.

ඊයේ (17) රාත්‍රී “TV දෙරණ” ඔස්සේ විකාශය වූ 360 කාලීන වැඩසටහන සමග එක්වෙමින් මහාචාර්ය අනිල් ජයන්ත මහතා ඒ බව සඳහන් කළේය.

“එක අයවැයකින් සියල්ල කරන්න බැරි බව අනිවාර්යෙන් පිළිගන්නවා. හැබැයි අපි ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කියන්නේ නැහැ මේ පළවෙනි අයවැයෙන් කරන දේ. පළවෙන අයවැය කියන්නේ ගමන් මාර්ගයේ එක් නිශ්චිත කාර්යභාරයක් පමණයි. ප්‍රතිපත්ති කියන්නේ පුළුල් දේවල්. හැබැයි ඇක්ෂන්වලට කාලරාමුවක් තියෙන්න ඕනේ. දර්ශනයට කාලරාමුවක් නැහැ.”

“වැට් බදු කියන්නේ වක්‍ර බද්දක්. අපි එදත් කිව්වා, අදත් කියනවා හෙටත් කියනවා මේ 18% වැට් බද්ද වැඩියි. ඒක අඩු කරන්න ඕනේ. හැබැයි අඩුකරන්න සීමා පැනවෙනවානේ. ආර්ථිකය හිරවෙලා තිබුණු නෛසර්ගික සීමාවකුත් තියෙනවා. IMF වැඩසටහන යටතේත් යම් තැනකට හිරවෙලා තියෙන්නේ. අපි මේ වැට් බදු ඉවත් කරන වැඩේ ඉදිරියේදී කරනවා. එකවර පළමු අයවැයෙන් සියල්ල උඩුයටිකුරු කරන්න බැහැ. දැනටත් අපිට තියෙන වුවමනාව අත්‍යාවශ්‍ය දේවල්වල වැට් බදු ඉවත් කිරීම තමයි. IMF වැඩසටහන නැතුව යනවානම් පළවෙනි අයවැයෙන්ම කරන්න පුළුවන්.”

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments