Tuesday, January 27, 2026
Homeweatherබෝගහපතනේ නායයෑමක්

බෝගහපතනේ නායයෑමක්

අද (10) අළුයම මීගහකිවුල මොරහෙල බෝගහපතන ප්‍රදේශයේ නායයෑමක් සිදුව ඇති බව වාර්තා වේ.

ප්‍රදේශයේ ජනතාවට අවදානම හේතුවෙන් ඉවත් කිරීම් සිදු කළත්, සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත නොපැමිණි පවුල් කිහිපයක් එම ස්ථානයේ තවමත් රැඳී සිටින බවද සඳහන් වේ.

මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් නිර්මලා කුමුදුනි පවසන්නේ, සිදුවූ නායයෑම හේතුවෙන් ජීවිත හානි හෝ දේපළ හානි කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැති බවයි.

මීට අමතරව, බදුල්ල – මහියංගනය මාර්ගයේ ස්ථාන කිහිපයකින් පස් කඳු කඩා වැටීම හේතුවෙන්, එම මාර්ගයේ ගමනාගමනය එක් මංතීරුවකට සීමා කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments