දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුකළ වැටලීම්වලදී මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පන්නිපිටිය ප්‍රදේශයේදී හෙරොයින්, අයිස් සහ කුෂ් මත්ද්‍රව්‍ය තොග සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් වයස අවුරුදු 27 සහ 28ක් වන ප්‍රදේශවාසීන් බව පොලීසිය සඳහන් කරයි.
එමෙන්ම මරදාන ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය, මුදල් සහ ජංගම දුරකතනයක් සමඟ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධි දෙක සම්බන්ධයෙන් හෝමාගම සහ මරදාන පොලීසි වැඩිදුර විමර්ශන සිදුකරයි.
මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

