Monday, June 9, 2025
Homeසියලුම පුවත්මහ මැතිවරණයෙන් පසු රටේ 'අනෙකාට හානිකර ප්‍රකාශ' නිකුත් කිරීම් 113%කින් ඉහළ ගිහින්

මහ මැතිවරණයෙන් පසු රටේ ‘අනෙකාට හානිකර ප්‍රකාශ’ නිකුත් කිරීම් 113%කින් ඉහළ ගිහින්

ඉකුත් වසරේ (2024) නොවැම්බර් මාසයේ දී මෙරට තුළ අනෙකාට හානිකර අන්දමින් ප්‍රකාශ නිකුත් කිරීම් 113% කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිකුත් කරන ලද වාර්තාවක දැක්වෙනවා.

එම වාර්තාව නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරන්නේ එම තත්ත්වය ඉකුත් වසරේ නොවැම්බර් 14 වැනි දින පැවති ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණයට සමගාමීව සිදු ව ඇති බවයි.

මේ අතර අදාළ වාර්තාව මගින් වැඩිදුරටත් සඳහන් කරන්නේ, 2024 සැප්තැම්බර් මාසයේ පැවති ජනාධිපතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ජනවාර්ගික සහ/හෝ ආගමික සුළුතරයන් ඉලක්ක කරගත් වෛරී කතා 8 ගුණයකින් ඉහළ ගොස් ඇති බවයි.

එසේ ම 2024 දී කාන්තාවන් ඉලක්ක කරගත් ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ හානිකර කතාවල 159%ක වැඩිවීමක් ද එම වාර්තාව මගින් නිරීක්ෂණය කර ඇති අතර, කාන්තාවන් ඉලක්ක කරගත් හානිකර අන්තර්ගතයන් 45%කින් වැඩිව තිබෙන බවත් පෙන්වා දෙනවා.

කෙසේ වෙතත්, 2024 මුල් මාස 8 තුළ සමස්තයක් වශයෙන් (වසරින් වසර) හානිකර කතාවල අඩුවීමක් වාර්තා වූ බවත් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය වැඩිදුරටත් පවසනවා.

තව ද මෙම වාර්තාව හරහා ශ්‍රී ලංකාවේ හානිකර ප්‍රකාශ පිළිබඳ ප්‍රවණතා සහ අන්තර්ජාල ආරක්ෂාවට බලපෑම් කළ හැකි සමාජ මාධ්‍ය ප්‍රතිපත්තිවල මෑත කාලීන වෙනස්කම් විස්තර කෙරෙන අතර එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, 2024 අගෝස්තු මාසයේ වූ එවැනි පළ කිරීම් 120 සිට 2024 සැප්තැම්බර් මාසයේදී පළ කිරීම් 145 දක්වා මසකට 21% කින් ඉහළ ගොස් ඇති බවයි.

එසේ ම සැප්තැම්බර් 21 වන දින ජනාධිපතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ජනවාර්ගික සහ/හෝ ආගමික සුළුතරයන් ඉලක්ක කරගත් වෛරී කතා 8 ගුණයකින් ඉහළ යාම මෙම වැඩිවීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව ද මෙම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙනවා.

තව ද මැතිවරණයෙන් පසු හානිකර අන්තර්ගතයන් ලෙස උතුරු සහ නැගෙනහිර පළාත්වල සුළුතර ප්‍රජාවන්ට මෙන්ම වතු අංශයට ද ඔවුන්ගේ ඡන්ද මනාපයන්ට ප්‍රතිචාර වශයෙන් අපහාසාත්මක යොමු කිරීම් ඇතුළත් වී ඇති බව පවසන එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, මාසයෙන් මාසයට 15%ක අඩුවීමක් සනිටුහන් කළද, සැප්තැම්බර් මාසයේදී සාවද්‍ය තොරතුරු ඉහළ ගොස් තිබූ බවයි.

මේ අතර එම වාර්තාව පෙන්වා දෙන්නේ සුළු ජාතීන්ගේ ගැටළු පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරුගේ දත්තයන්ට අනුව, ගෝලීය වශයෙන් සමාජ මාධ්‍ය වෛරයට ගොදුරු වූවන්ගෙන් 70%ක් සුළු ජාතීන් වන බවත්, ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ දත්තවලට අනුව, පසුගිය වසරේ මාර්ගගත හානිකර කතාවලින් 51% ක් කාන්තාවන් සහ 24% ක් සුළු ජාතීන් ඉලක්ක කර ගෙන ඇති බවයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments