Monday, January 26, 2026
Homeදේශීයමාධ්‍යවේදිනියකගේ සැමියාගේ අභිරහස් මරණය ගැන පරීක්ෂණ CIDයට

මාධ්‍යවේදිනියකගේ සැමියාගේ අභිරහස් මරණය ගැන පරීක්ෂණ CIDයට

මාධ්‍යවේදිනියකගේ සැමියාගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකිරීමට ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙණිය මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබේ.

ඒ අනුව මාර්තු මස 18 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද නොතීසි නිකුත් කර ඇත.

මෙලෙස අභිරහස් ලෙස මිය ගොස් ඇත්තේ අගොස්තිනුගේ සමරජීව නැමැති දෙහිවල වෛද්‍ය පාරේ පදිංචිව සිටි 60 හැවිරිදි පුද්ගලයෙක් බව සඳහන්ය.

සිය සැමියා ජනවාරී මස පළමුවනදා රැකියාවට පිටත්ව ගොස් නැවත නිවස කරා නොපැමිණිම හේතුවෙන් ඒ පිළිබඳව සොයා බැලීමේදී ඊට පසුදින එනම් ජනවාරි 2 වන දින දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ තැළුම් පහරවල් සහිතව ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් සිටියදී සොයා ගෙන තිබේ.

අසාධ්‍ය තත්ත්වයේ සිටි තුවාලකරු ජනවාරි මස 03 වන දින උදෑසන මියගොස් ඇති බව වාර්තා වේ.

මියගිය පුද්ගලයා දෙහිවල හිල් වීදියේ නීතිඥවරියකට අයත් නිවසෙහි මිදුලෙහි වැටී සිටින බවට නීතිඥවරියගේ සැමියා වන හිටපු ගුවන් හමුදා නිලධාරිවරයා විසින් 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දී තිබේ.

එම දුරකථන ඇමතුමට අනුව රාත්‍රී 11ට පමණ දෙහිවල පොලිසියේ නිලධාරීන් එම ස්ථානයට ගොස් පරීක්ෂා කර තුවාල සහිත පුද්ගලයා රෝහල්ගත කිරීමට කටයුතු නොකර, තුවාලකරු සෝදා ඔහුට වෙනත් ඇඳුම් ඇන්ඳවීමට කටයුතු කර තිබීම සැකයට තුඩු දෙන බව අගතියට පත් පාර්ශවය වෙනුවෙන් කරුණු දක්වමින් නීතිඥ ගීත්ම ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ සඳහන් කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments