Monday, January 26, 2026
Homeදේශීයමැදිරිගිරියේ අබිරහස් මළසිරුරක්

මැදිරිගිරියේ අබිරහස් මළසිරුරක්

නිවසක් තුළ අබිරහස් ලෙස පිළිස්සී මිය ගිය පුද්ගලයකුගේ මළ සිරුරක් හමුව තිබෙනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචි එච්.පී. රෝහණ විමලරත්න නම් වූ 61 හැවිරිදි අයෙක්.

ඔහු සිය නිවස තුළ තනියම ජීවත් වී ඇති අතර දින කිහිපයකින් ඔහුගේ තොරතුරක් නොලැබුණු නිසා ප්‍රදේශවාසීන් සහ දියණිය විසින් සොයා බලා තිබෙනවා.

එහිදී සිය නිවසේ ඔහු රැඳී සිටි කාමරයේ ගිනිගෙන මරණයට පත්ව ඇති සිරුර සොයාගෙන තිබෙන බවයි පොලිසිය පැවසුවේ.

එම මළ සිරුරඔහුගේ ඇඳ ළඟ ඔ වැටී තිබුණු බවයි පැවසෙන්නේ.

සිද්ධිය සම්බන්ධව පොළොන්නරුව අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් පරීක්ෂණ අරඹා තිබෙනවා.

මේ අතර අද (22) පස්වරුවේ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි.

මියගිය පුද්ගලයා කිසිදු රෝගී තත්ත්වයකින් තොරව සිය වත්ත පිටියේ වැඩපළ කරමින් ජීවත් වූ බවයි පැවසෙන්නේ.

එබැවින් මෙය මනුෂ්‍ය ඝාතනයක් ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන බවයි මැදිරිගිරිය පොලිසිය සඳහන් කළේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments