ඩෙංගු රෝග ව්‍යාප්තිය සීඝ්රයෙන් ඉහළ යාම හේතුවෙන් මෙම වසර තුළ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ යාමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා පවසයි.
අද දෙරණ ‘BIG FOCUS’ වැඩසටහනට එක්වෙමින් ඔහු සඳහන් කළේ, අප්‍රේල් මාසයේ සිට ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාවේ වේගවත් වැඩිවීමක් දක්නට ලැබෙන බවයි.
ඒ අනුව අප්‍රේල් මාසයේදී ඩෙංගු රෝගීන් 5,600ක් වාර්තා වී ඇති අතර, මැයි මාසයේදී එම සංඛ්‍යාව 8,500 දක්වා ඉහළ ගොස් තිබේ.
ඩෙංගු රෝගය වසර කිහිපයකට වරක් අධි වසංගත තත්ත්වයකට පත්වන ඉතිහාසයක් ඇති බව පෙන්වා දුන් වෛද්‍ය අනිල් ජයසිංහ මහතා, වර්තමාන ප්‍රවණතාවය ද ඉහළ යමින් පවතින බැවින් වහාම මර්දන ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.
දේශගුණික සහ කාලගුණික තත්ත්වයන් මත ඩෙංගු ව්‍යාප්තිය තවදුරටත් වෙනස් විය හැකි බැවින්, වසර පුරාම මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම වැදගත් බවද ඔහු සඳහන් කළේය.
මෙම වසරේ ඩෙංගු වසංගත අවදානම ඉහළට

