Sunday, January 25, 2026
Homeවිදේශීයයුක්‍රේනයේ රුධිර පාරවිලයන මධ්‍යස්ථානයකට ප්‍රහාරයක්

යුක්‍රේනයේ රුධිර පාරවිලයන මධ්‍යස්ථානයකට ප්‍රහාරයක්

ඊසානදිග යුක්‍රේනයේ පිහිටි රුධිර පාරවිලයන මධ්‍යස්ථානයකට රුසියානු ගුවන් ප්‍රහාරයක් එල්ල වී තිබේ.ගුවන් ප්‍රහාරය ඊයේ (05) රාත්‍රියේ කාකිව් ප්‍රදේශයට එල්ල වී ඇති බවට යුක්‍රේන ජනාධිපති වොලොද්මීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.එම ප්‍රහාරයෙන් අනතුරුව ගින්නක් ද හටගෙන ඇති බව සඳහන්ය.අදාළ ප්‍රහාරයෙන් පුද්ගලයන් මියගිය බවට සහ තුවාල ලැබූ බවට යුක්‍රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණ ද මියගිය පුද්ගලයන් හෝ තුවාල ලැබූවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නැත.කෙසේවෙතත් ගුවන් ප්‍රහාරය සම්බන්ධයෙන් රුසියාව මෙතෙක් ප්‍රකාශයක් සිදුකර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි
RELATED ARTICLES

Most Popular

Recent Comments