Homeසියලුම පුවත්යෝෂිත රාජපක්ෂගේ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය කල් යයි

යෝෂිත රාජපක්ෂගේ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය කල් යයි

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් 12 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.අද (30) දින කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ මෙම නඩුව කැඳවූ අතර, එහිදී සාක්ෂි සටහන් කරගැනීම ද සිදුකර ඇත.දෙහිවල සහ රත්මලාන ප්‍රදේශවල පිහිටි ඉඩම් කොටස් පහක් මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ 730කට අධික මුදලක් වැය කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා මෙම නඩුව ගොනුකර තිබේ.ඒ අනුව, නඩුවේ ඉදිරි සාක්ෂි විභාගය නොවැම්බර් 12 වැනිදා පැවැත්වීමට නියමිතය.

RELATED ARTICLES

Most Popular

Recent Comments