Sunday, January 25, 2026
Homeදේශීයරටඉඳි සඳහා බදු අඩුකෙරේ

රටඉඳි සඳහා බදු අඩුකෙරේ

ආනයනික රටඉඳි සඳහා පනවා තිබූ ‘විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද’ අඩු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

එළඹෙන රාමසාන් උත්සවය වෙනුවෙන් සහන පියවරක් ලෙස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා එම උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව රටඉඳි කිලෝ ග්‍රෑම් 01ක් සඳහා රැපියල් 200ක් බැගින් පනවා තිබු එම බදු මුදල කිලෝග්‍රෑම් 01ක් සඳහා රුපියල දක්වා අඩුකර තිබේ.

මෙම බදු නිදහස් කිරීම අදාළ වන්නේ විදේශ විනිමය වැය කිරීමක් සිදුනොවන බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ නිර්දේශ මත විවිධ රටවල්, සංවිධාන, ව්‍යාපාරික ආයතන, ස්වේච්ඡා සංවිධාන හා සුභ පතන්නන් වෙතින් ත්‍යාග හෝ පරිත්‍යාග වශයෙන් මෙරටට ලැබෙන රටඉඳි සඳහා පමණි.

2022 නොවැම්බර් 30 වැනි දින ප්‍රකාශයට පත් කරන ලද අංක 2308/17 දරන ගැසට් නිවේදනයට අනුකූලව අද (08) සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.

RELATED ARTICLES

Most Popular

Recent Comments