Tuesday, April 29, 2025
Homeදේශපාලනරනිල් සජිත් හමුව ඉදිරි දින 10 ඇතුළත’- නවීන්ගෙන් ඉඟියක්

රනිල් සජිත් හමුව ඉදිරි දින 10 ඇතුළත’- නවීන්ගෙන් ඉඟියක්

එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර විශේෂ දේශපාලන සාකච්ඡාවක් ඉදිරි දින දහය ඇතුළතදී පැවැත්වීමට නියමිත බව හිටපු ආණ්ඩුකාර නවීන් දිසානායක පැවසීය.

ඉදිරි පළාත් පාලන මැතිවරණයට එජාප සහ සජබ ඒකාබද්ධ සන්ධානයක් ගොඩනැඟීම වෙනුවෙන් මෙම හමුව සිදුවන බවද හිටපු ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.

සන්ධානයේ නම, තරග කරන ලකුණ, අපේක්ෂක ලැයිස්තු සකස් කිරීම ඇතුළුව දේශපාලන කරුණු කිහිපයක් කෙරෙහි මෙහිදී අවධානයට යොමුවනු ඇතැයිද හෙතෙම ප්‍රකාශ කළේය.

ඉන් ඉදිරියට නායකයන් දෙපොළ තවත් මුහුණට මුහුණ සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට නියමිත බව කී හිටපු ආණ්ඩුකාරවයා මෙම නායක මට්ටමේ සාකච්ඡා ඉතා සංකීර්ණ වනු ඇතැයි කීය.

එජාප සහ සජබ අතර තීරණාත්මක සාකච්ඡා වට දෙකක් පසුගිය දිනවල පැවති බව ත් නායකත්ව මණ්ඩලයක් මඟින් මෙම සාකච්ඡා ඉදිරියට පැවැත්වුවහොත් සාර්ථක වනු ඇති බව ත් දිසානායක මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණ හා සමගි ජන බලවේගයේ දුරකතනය ලකුණ හැර සියලු දෙනාට පිළිගත හැකි වෙනත් පොදු ලකුණකින් මැතිවරණයට ඉදිරිපත් විය යුතුය යන්න බොහෝ දෙනාගේ ස්ථාවරය වී ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments