Sunday, January 25, 2026
Homeදේශීයලංකාවේ පිරිමින්ට වඩා කාන්තාවන් දුම්බීමේ ප්‍රතිශතය ඉහළ ගොස් ඇති බව විශේෂඥ වෛද්‍ය...

ලංකාවේ පිරිමින්ට වඩා කාන්තාවන් දුම්බීමේ ප්‍රතිශතය ඉහළ ගොස් ඇති බව විශේෂඥ වෛද්‍ය සමන් ඉද්දගොඩ අනාවරණය කරයි.

ලංකාවේ පිරිමින්ට වඩා කාන්තාවන් දුම්බීමේ ප්‍රතිශතය ඉහළ ගොස් ඇති බව විශේෂඥ වෛද්‍ය සමන් ඉද්දගොඩ අනාවරණය කරයි.
වෛද්‍යවරයා පැවසුවේ, ඒ හේතුවෙන් කාන්තාවන් පෙණහලු පිළිකාවලට ගොදුරු වීමේ අවදානමට පත්ව ඇති බව ය.
ඒ අනුව, කාන්තාවන් පෙණහලු පිළිකා පළමු තත්ත්වයෙන් පස්වන පිළිකා තත්ත්වයට පත්වීමේ අවදානමට ගොදුරු වී ඇතැයිද ඔහු පෙන්වා දෙයි.
වෛද්‍යවරයා පැවසුවේ, මීට වසර දහයකට-පහළොවට පෙර ලංකාවේ දුම්පානය කළ ප්‍රමාණය හා ඒ පුද්ගලයන්ගේ සමීක්ෂණ වාර්තා දෙස බැලූ විට එය අඩු වෙමින් පවතින නමුත් ඇතැම් සමීක්ෂණ වාර්තා අනුව අවාසනාවන්ත ලෙස කාන්තාවන් දුම් පානය කිරීමේ ප්‍රතිශතය වැඩි වී ඇති බව ය.
විශේෂයෙන් ම තරුණ කාන්තාවන් පෙණහලු පිළිකා අවදානමට පත්වීමේ සම්භාවිතාවයෙන් වැඩි වී ඇති බව විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.
පොදුවේ ගත් කල ලංකාවේ පෙණහලු පිළිකා සුලබ තත්ත්වයක් වන අතර පිරිමි පුද්ගලයන්ගෙන් දෙවෙනියට පොදුවේ තියෙන වැඩිපුර ම බහුල වෙලා ඇත්තේ, පෙණහලු පිළිකාව. නමුත් කාන්තා පාර්ශ්වය මේ වන විට පෙණහලු පිළිකා අතරින් පළමු තැන සිට පස් වැනි තැනට පත්ව ඇති බව ඔහු වැඩිදුරට ත් පැවසීය.

RELATED ARTICLES

Most Popular

Recent Comments