Monday, January 26, 2026
Homeදේශපාලනවංචා දූෂණ ගැන ඇති මූල්‍ය අගයන් එකතු කළහොත් රාජ්‍ය ආදායමට වඩා වැඩියි

වංචා දූෂණ ගැන ඇති මූල්‍ය අගයන් එකතු කළහොත් රාජ්‍ය ආදායමට වඩා වැඩියි

වංචා දූෂණ පිළිබඳව තිබෙන මූල්‍යමය අගයන් එකතු කළහොත් එය රාජ්‍ය ආදායමට වඩා වැඩි බව සමඟි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (17) පැවසීය.


රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට වසර 100ක් පිරීම නිමිත්තෙන් සභාව කල් තබන අවස්ථාවේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය. තවදුරටත් මන්ත්‍රීවරයා මෙසේ ද පැවසීය. උදාහරණයක් ලෙස ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ආදායම් අහිමි වීම් සහ නොගෙවා පැහැර හැරීම් රුපියල් කෝටි 90,000ක් වන අතර ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පාඩුව දූෂණ වංචා සියල්ලම එකතු වූ විට රුපියල් කෝටි 45,000ක් වෙනවා. පසුගිය වර්ෂයන්හි රාජ්‍ය ආදායම රුපියල් කෝටි දෙලක්ෂයක් බවත් රාජ්‍ය ආදායමට වඩා වැඩි දූෂණ වංචා ප්‍රමාණයක් රාජ්‍ය ආයතනවලින් සිදුව තිබෙනවා.

RELATED ARTICLES

Most Popular

Recent Comments