Monday, January 26, 2026
Homeදේශපාලනවිපක්ෂ නායක ආණ්ඩුවට දොස් නඟයි

විපක්ෂ නායක ආණ්ඩුවට දොස් නඟයි

ගොවියා, රාජ්‍ය සේවකයා පෙරටු කර ගෙන රාජ්‍ය බලය ගත් ජාතික ජනබලවේග ආණ්ඩුවට අද වනවිට ගොවියාත් රාජ්‍ය සේවකයාත් අමතක වී ඇතැයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ගොවියාට පොහොර සහනාධාරය හෝ වී සඳහා ප්‍රමාණවත් සහතික මිළක් හෝ නොලැබෙන බවත් රාජ්‍ය සේවකවයාට පොරොන්දු වූ වැටුප් වර්ධක හිමිව නොමැති බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.

ගුණාත්මක භාවයෙන් ඉහළ යෙදවුම් ගොවියාට නොලැබෙන බවත් ලැබෙන තෙල් පොහොර පවා ප්‍රමිතියෙන් බාල බවත් හොරොව්පතානේ පැවැති ජන හමුවක් අමතමින් ඔහු කීවේය.

වගා හානී වන්දිි පවා නොලැබ ඇති බැවින් අභියෝග රැසකට ගොවියන් මුහුණ දී සිටින බවද විපක්ෂනායකවරයා පැවසීය.

ගොවියන්ට රාජ්‍ය සේවකයන්ට බොරු කියු වත්මන් රජයට පිළිතුරු දෙන්න කාලය පැමිණ ඇති බවත් ගොවියා අනාථ කල මේ රජයට ඉදිරි මැතිවරණයේදී පාඩමක් ඉගැන්විය යුතු බවත් ප්‍රේමදාස මහතා කීවේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments