Monday, January 26, 2026
Homeසියලුම පුවත්ශ්‍රී ලංකාවේ ප්‍රථම 'ජල බැටරිය' සඳහා ව්‍යාපෘතිය ලංකා විදුලිබල මණ්ඩලය විසින් එළිදක්වයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම ‘ජල බැටරිය’ සඳහා ව්‍යාපෘතිය ලංකා විදුලිබල මණ්ඩලය විසින් එළිදක්වයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම ‘ජල බැටරිය’ සඳහා ව්‍යාපෘතිය ලංකා විදුලිබල මණ්ඩලය විසින් එළිදක්වයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම “ජල බැටරිය” වන මහ ඔය පොම්ප කළ ජල ගබඩා විදුලි ව්‍යාපෘතිය ලංකා විදුලිබල මණ්ඩලය විසින් දියත් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව, මෙගාවොට් 600ක මුළු ස්ථාපිත ධාරිතාවයකින් යුත් මෙම ව්‍යාපෘතිය, සුර්ය හා සුළං බලයෙන් ජනනය වන බල ශක්තිය අතිරික්තයක් පවතින විට ඒවා ගබඩා කර ඉල්ලුම ඉහළ යන විට එය නැවත විදුලිබල පද්ධතියට සපයනු ඇති.

2030 වන විට විදුලි උත්පාදනයෙන් 70%ක් පුර්නජනනීය ප්‍රභවයන්ගෙන්, උත්පාදනය කිරීමේ ශ්‍රී ලංකාවේ ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සදහා මෙම ව්‍යාපෘතිය ඉතා වැදගත් බවයි ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරන්නේ.

මෙම ව්‍යාපෘතිය අරණායක සහ නාවලපිටිය ප්‍රදේශවල පිහිටුවන ජලාශ දෙකක්, කිලෝමීටර් 2.5ක උමං මාර්ගයකින් සම්බන්ධ කර ක්‍රියාත්මකවන මහා පරිමාණ බලශක්ති ගබඩා කිරීමේ පද්ධතියක්.

මෙමගින් ශ්‍රී ලංකාව තීරණාත්මක ලෙස පුනර්ජනනීය බල ශක්තිය කරා යන පරිවර්ථනීය ගමන, පොසිල ඉන්ධන මත යැපීම අඩු කර වායු විමෝචනය සැලකිය යුතු ලෙස අවම කිරීමේ ඉලක්කය සපුරා ගන්නා බවයි විදුලි බල මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments