Homeසියලුම පුවත්ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට උපදෙස් මාලාවක්

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට උපදෙස් මාලාවක්

Supreme Court of Sri Lanka විසින් University of Peradeniya වෙත විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.
විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩලය සහ සිසුන් ලිංගික හිරිහැර හා ලිංගික හිංසනවලින් ආරක්ෂා කිරීම සඳහා ප්‍රතිපත්ති බලාත්මක කිරීමට සහ ඒ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අධිකරණය උපදෙස් ලබාදී ඇත.
මෙම නියෝගය නිකුත් කර ඇත්තේ විශ්වවිද්‍යාලයේ වෛද්‍යවරියක් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.
එමෙන්ම, චෝදනා එල්ල වූ මහාචාර්යවරයාට අනාගතයේ කිසිදු විශ්වවිද්‍යාලයක හෝ අධ්‍යාපන ආයතනයක වැටුප් සහිත හෝ ගෞරවනීය තනතුරක් ලබාදීමෙන් වැළකී සිටින ලෙසද අධිකරණය අදාළ පාර්ශව වෙත උපදෙස් නිකුත් කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments