Wednesday, February 11, 2026
Homeඅපරාධසජබ අපේක්ෂකයෙකුට වෙඩි තැබීමේ තැතක් – සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට

සජබ අපේක්ෂකයෙකුට වෙඩි තැබීමේ තැතක් – සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට

කළුතර සමගි ජන බලවේග නාගරික මන්ත්‍රී අපේක්ෂක බන්දුල ප්‍රසන්න මහතාට වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කළ බවට සැකකරුවන් තිදෙනෙකු සහ සැකකාරියක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකාය සහ කළුතර දිසා අපරාධ කොට්ඨාසය එක්ව විමර්ශන ආරම්භ කර ඇත.

24 හැවිරිදි පුද්ගලයෙකු බලංගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, තවත් සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියක් කළුතර සහ බලංගොඩ ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments