හරිනි අමරසූරිය මහත්මිය පවසන්නේ, 2025/2026 අධ්‍යන වර්ෂය සඳහා රජයේ විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනීමේ කටයුතු 2026 සැප්තැම්බර් මාසයේ පළමු සතියේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි.
අද (06) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඇය සඳහන් කළේ, විශ්වවිද්‍යාල කඩයිම් ලකුණු නිකුත් කිරීමෙන් අනතුරුව අගෝස්තු 31 වනවිට සිසුන්ගේ නාමලේඛන අදාළ විශ්වවිද්‍යාල වෙත යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇති බවය.
මෙවර අධ්‍යන වර්ෂය සඳහා නව උපාධි පාඨමාලා දෙකක්ද හඳුන්වා දී ඇති අතර, රුහුණු විශ්වවිද්‍යාලය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලය වෙත ඒ සඳහා සිසුන් බඳවා ගැනීමට නියමිතයි.
මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇති සිසුන් අතරින් 42,937 දෙනෙකු රජයේ විශ්වවිද්‍යාල සඳහා බඳවා ගැනීමට අපේක්ෂා කරන බවද ඇය සඳහන් කළාය.
සරසවි වරම් ලැබූ සිසුන්ට සුබ ආරංචියක්

