Homeසියලුම පුවත්සුරේෂ් සලේ උපවාසය අත්නොහරින බව යළි දන්වයි

සුරේෂ් සලේ උපවාසය අත්නොහරින බව යළි දන්වයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු රැඳවුම් භාරයේ සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා සිය උපවාසය නතර නොකරන බව යළිත් අවධාරණය කර තිබේ.
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහුගේ පෞද්ගලික නීතිඥවරයා හමුවූ අවස්ථාවේදී, නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් කුටියට යාමට අකමැති බවත්, එම ස්ථානය “නිරයක්” ලෙස හැඳින්වූ බවත් වාර්තා වේ.
නීතිඥවරයා විසින් උපවාසය නතර කරන ලෙස ඉල්ලීමක් කළද, තමන් එය අත්නොහරින බව සලේ මහතා දැනුම් දී ඇති බව සඳහන්ය.
මේ අතර, සලේ මහතා පරීක්ෂාවට ලක්කළ බව කියන දිනයට අදාළ CCTV දර්ශන නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට දැනුම් දී තිබේ.
ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන අතර අදාළ වාර්තා කිහිපයක් මේ මස 26 වැනිදාට පෙර ලබාදෙන ලෙසද දැනුම් දී ඇති බව වාර්තා වේ

RELATED ARTICLES

Most Popular

Recent Comments