Sunday, January 25, 2026
Homeසියලුම පුවත්හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (25) පෙරවරුවේ අත්අඩංගුවට ගැනීම පිළිබඳ තවත් කරුණු මේ වනවිට අනාවරණය වී තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (25) පෙරවරුවේ අත්අඩංගුවට ගැනීම පිළිබඳ තවත් කරුණු මේ වනවිට අනාවරණය වී තිබේ.

රත්මලාන සිරිමල් පෙදෙසේ පිහිටි රුපියල් මිලියන 34ක් වටිනා නිවසක් හා ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව යෝෂිත රාජපක්ෂ සැකකරුවකු ලෙස නම් කිරීමට තරම් ප්‍රමාණත් කරුණු ඇති බව නීතිපතිවරයා විසින් පසුගිය 23වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ දැනුම්දීමකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළේය.

මේ වනවිට නඩුකරයක් පවතින මෙම ඉඩමේ ප්‍රධාන සැකකාරිය වන්නේ යෝෂිත රජපක්ෂගේ මිත්තණියක්වන ඩේසි ෆොරස්ට් නම් කාන්තාවයි.

මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගත් යෝෂිත රාජපක්ෂගෙන් ප්‍රකාශ සටහන් කිරීමෙන් අනතුරුව ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඔහු දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම අසලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්විය.

RELATED ARTICLES

Most Popular

Recent Comments