Monday, January 26, 2026
Homeදේශීයහෙට්ටිපොල දැරිය මියයෑමට අදාළ සැකකරු අත්අඩංගුවටකුලියාපිටිය, හෙට්ටිපොල ප්‍රදේශයේදී ඊයේ (27) රාත්‍රියේ වෙඩිවැදී...

හෙට්ටිපොල දැරිය මියයෑමට අදාළ සැකකරු අත්අඩංගුවටකුලියාපිටිය, හෙට්ටිපොල ප්‍රදේශයේදී ඊයේ (27) රාත්‍රියේ වෙඩිවැදී රෝහල්ගතකර සිටියදී දැරියක් මියයෑමට අදාළව සැකකරුවෙකු හෙට්ටිපොල පොලීසිය විසින් අත්තඩංගුවට ගෙන ඇත.

මඟුලාගම ප්‍රදේශයේදී ඌරන් දඩයම් කිරීමට තබන ලද අපරික්ෂාකාරී වෙඩි තැබීමකින් මෙම දැරිය මරණයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

වෙඩිවැදීමෙන් දැරියගේ මිත්තණිය තුවාල ලබා රෝහල්ගතකර ඇත.

මෙම අපරාධය සම්බන්ධව සිදුකරන ලද විමර්ශනයට අනුව අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 48ක් වන මගුලාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ය.

ඔහු සන්තකයේ තිබූ බෝර 12 පතොරම් ගිනි අවිය, එම තුවක්කුවට අදාල 2025 වර්ෂයේ බලපත්‍රය හා හිස් පතොරම් කොපු 02ක් පොලිසිය විසින් සොයාගෙන ඇත.

හෙට්ටිපොල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments