Homeසියලුම පුවත්🔥 කටුගස්තොට කුඩුගල වෙළෙඳසැලක හදිසි ගින්නක් – A9 මාර්ගයේ ගමනාගමනයත් නතර කරයි!

🔥 කටුගස්තොට කුඩුගල වෙළෙඳසැලක හදිසි ගින්නක් – A9 මාර්ගයේ ගමනාගමනයත් නතර කරයි!

මහනුවර, කටුගස්තොට කුඩුගල ප්‍රදේශයේ රථවාහන අමතර කොටස් අලෙවි කරන වෙළෙඳසැලක අද (04) අලුයම හදිසි ගින්නක් හටගෙන තිබේ.අලුයම 5.30ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර, එය හේතුවෙන් මහනුවර – යාපනය A9 ප්‍රධාන මාර්ගයේ කුඩුගල ප්‍රදේශයෙන් රථවාහන ගමනාගමනය පැයකට ආසන්න කාලයක් නතර කිරීමට පොලීසිය පියවර ගෙන තිබුණි.ගින්න පාලනය කිරීම සඳහා මහනුවර සහ මාතලේ ගිනි නිවීමේ ඒකකවල ගිනි නිවීමේ රථ යොදවා තිබේ.ගිනි නිවන නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් මේ වනවිට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව වාර්තා වේ.මෙම අනතුරින් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බවද සඳහන් වේ.කෙසේ වෙතත්, ගින්න හටගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.📌 ගින්නට හේතුව සහ සිදුවූ දේපළ හානිය පිළිබඳ වැඩිදුර තොරතුරු ඉදිරියේදී අනාවරණය වීමට නියමිතය.

RELATED ARTICLES

Most Popular

Recent Comments