Saturday, January 24, 2026
Homeදේශීය09 වැනිදා කොළඹට පොලිසියේ සහ හමුදාවේ 8000ක් කැඳවති

09 වැනිදා කොළඹට පොලිසියේ සහ හමුදාවේ 8000ක් කැඳවති

ජුලි 09 වැනිදා විපක්ෂයේ පක්ෂ ඒකාබද්ධව කොළඹ පවත්වන විරෝධතා ව්‍යාපාරයට මුහුණ දීම සඳහා පොලිසියේ සහ හමුදාවේ ආරක්ෂක නිලධාරින් අට දහසකට ආසන්න ප්‍රමාණයක් යෙදවීමට රජය පියවර ගෙන ඇත.

පොලිසියේ තුන් දාහක්, හමුදාවේ පන් දහසක් වශයෙන් පිටස්තර ප්‍රදේශවල සිට මෙම ආරක්ෂක නිලධාරීන් අද සිට කොළඹට කැඳවීම ආරම්භ කර ඇති බව ආරක්ෂක අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

දැනට ආරක්ෂාවේ යොදවා සිටින නිලධාරීන්ට අමතරව මෙම භට පිරිස් කොළඹට කැඳවා ඇතැයි අනාවරණය වේ.

ඒ අනුව එම නිලධාරින් ස්ථානගත කිරිම අද පෙරවරුවේ සිට ආරම්භ කර ඇත. ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය, අගමැති නිවස, පාර්ලිමේන්තුව ඇතුළු ප්‍රභූ ස්ථාන රැසක හා ඒ අවට යොදවා ඇතැයි වර්තා වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වහා ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ඉල්ලමින් දේශපාලන පක්ෂ ඒකාබද්ධව පැවැත්වෙන මෙම විරෝධතා ව්‍යාපාරයට රටේ සෑම ප්‍රදේශයකින්ම ජනතාව කොළඹට ගෙන්වා ගැනීමට ඒ ඒ පක්ෂ සැලසුම් කර තිබේ.

කොළඹට ජනතාව කැඳවා පවත්වන විරෝධතා ව්‍යාපාරයකින් පසු සියලු පිරිස් පා ගමනින් ජනාධිපති මන්දිරයට ඉදිරිපිටට ගොස් අඛණ්ඩ සත්‍යග්‍රහ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ද වාර්තා වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments