Friday, November 14, 2025
Homeදේශීය16 වන ගල් අඟුරු නෞකාවේ තොග ගොඩබෑම ඇරඹෙයි..

16 වන ගල් අඟුරු නෞකාවේ තොග ගොඩබෑම ඇරඹෙයි..

මෙරටට සේන්දූ වූ 16 වැනි ගල් අඟුරු නෞකාවේ තොග ගොඩබෑම මේ වනවිට පුත්තලමේදී ආරම්භ කර ඇතැයි ලංකා ගල් අඟුරු සමාගම පවසයි. 

එම සමාගම සඳහන් කළේ, ගල් අඟුරු මෙට්‍රික් ටොන් හැට දහසක් රැගත් අදාළ නෞකාව ඊයේ මෙරටට ළඟාවූ බවයි.

මෙම මාසයේදී ගල් අඟුරු රැගත් නෞකා 06ක් දිවයිනට ළඟා වීමට නියමිතව ති‌බේ. 

අප්‍රේල් මාසයේදී ගල් අඟුරු නෞකා 07 දිවයිනට ගෙන්වා ගැනීමට අවශ්‍ය මූලික කටයුතු සිදුකර ඇතැයි ද ලංකා ගල් අඟුරු සමාගම ප්‍රකාශ කළේ ය.

RELATED ARTICLES

Most Popular

Recent Comments