Monday, January 26, 2026
Homeදේශීය16 හැවිරිදි දැරියක් අතුරුදන්

16 හැවිරිදි දැරියක් අතුරුදන්

16 හැවිරිදි දැරියක් අතුරුදන්

16 හැවිරිදි දැරියක් අතුරුදන් වී ඇති බවට කන්දෙනුවර පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සඳහන් කළේ, අදාළ දැරිය පසුගිය දෙසැම්බර් 06 වනදා සිට අතුරුදන්ව ඇති බවය.

දැරිය අතුරුදන් වූ බවට මිත්තණිය විසින් මෙම පැමිණිල්ල සිදුකර ඇත.

අතුරුදන් වූ දැරිය කොණ්ඩය දිගට වවා ඇති උස අඩි 05ක් පමණ තලෙළු කෙට්ටු සිරුර සහිත අයෙකි.

ඇය අවසන් වරට ක්‍රීම් පාට කොට කලිසමක් හා කලු පැහැති මල් සහිත සුදු පැහැ ටීෂර්ටයක් හැඳ සිට ඇති බව පොලීසිය පවසයි.

අතුරුදන් වූ දැරියගේ නම ඉඩම්ගෙදර තරුෂි චම්පිකා වන අතර ඇය වයස අවුරුදු 16ක දැරියකි

එම දැරිය අංක 85, කන්දෙනුවර, අල්වත්ත ලිපිනයේ පදිංචිව සිට ඇති බව පොලීසිය පවසයි.

අතුරුදන් වු අදාළ දැරිය සම්බන්ධයෙන් වැඩි විස්තරයක් වෙතොත් පහත දුරකථන අංකයන්ට දැනුම්දෙන ලෙස පොලීසිය පවසයි.

ස්ථානාධිපති කන්දෙනුවර :- 071 – 8592943
පොලිස් ස්ථානය කන්දෙනුවර :- 066-3060954

RELATED ARTICLES

Most Popular

Recent Comments