Wednesday, December 3, 2025
Homeසියලුම පුවත්ලිට්‍රෝ සමාගමෙන් අධිකරණයට පොරොන්දුවක්

ලිට්‍රෝ සමාගමෙන් අධිකරණයට පොරොන්දුවක්

ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ ප්‍රමිතීන්ට අනුකූල ගෑස් සිලින්ඩර පමණක් බෙදාහරින බව ලිට්‍රෝ ගෑස් සමාගම අද (15) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

අනාරක්ෂිත ගෘහස්ත ගෑස් සිලින්ඩර  ආනයනය කර  බෙදා හැරීමට  කටයුතු කල ගෑස් සමාගම්  සහ වගකිව යුතු  රජයේ බලධාරීන්ට එරෙහිව අපරාධ  නීතිය යටතේ   නීතිමය පියවර ගන්නා  ලෙස   නියෝග කරන්නැයි  ඉල්ලා විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු මහතා ගොනු කල   රිට්  පෙත්සම  අද කැඳවූ  අවස්ථාවේදී ලිට්‍රෝ ගෑස් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ හර්ෂ අමරසූරිය මහතා මේ බව අධිකරණයට දැනුම් දුන්නේය.

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක අන්තර්ගත විය යුතු නියමිත සංයුතියක් මේ වනවිට නොමැති බවත් , එහි තිබිය යුතු සංයුතිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ප්‍රමිති කාර්යාංශයේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් ලබන 20 වනදා පැවැත්වීමට නියමිත බවද ජනාධිපති නීතිඥවරයා දැනුම් දුන්නේය.

ප්‍රමිති කාර්යාංශය විසින් අනුමත කරන ලද ගෘහස්ථ ගෑස් සිලින්ඩර පමණක් මේ වන විට වෙළෙඳපොළට මුදාහරිමින් තිබෙන බව ඔහු පැවසුවේය.

ප්‍රමිතියෙන් තොර ගෑස්  සිලින්ඩර  නිකුත්  කිරීම  සම්බන්ධයෙන්  පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති ඩී.එම්.එස්. දිසානායක,   ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ සිද්ධිකා සේනාරත්න,  වෙළඳ ඇමැති බන්දුල ගුණවර්ධන,  පාරිභෝගික ආරක්ෂණ  රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න යන මහත්වරුන් ට එරෙහිව අපරාධ නීතිය යටතේ විමර්ශනයක් සිදු කරන්නැයි පොලිස්පතිට නියෝග කරන්නැයි ද මෙම පෙත්සම මගින් ඉල්ලා තිබිණි.

මෙහි වගඋත්තරකරුවන් ලෙස ලාෆ්ස්  හෝල්ඩින්ග්ස් ලිමිටඩ්,ලිට්ට්රෝ ගෑස් සමාගම, පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති ඩී.එම්.එස්. දිසානායක,   ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ සිද්ධිකා සේනාරත්න,  වෙළඳ ඇමැති බන්දුල ගුණවර්ධන,  පාරිභෝගික ආරක්ෂණ  රාජ්ය ඇමැති ලසන්ත අලගියවන්න,  රජයේ ප්‍රධාන තක්සේරුකරු ඇතුළු  දස දෙනෙකු  නම් කරනු ලැබ සිටිති.

RELATED ARTICLES

Most Popular

Recent Comments